ලඝුගණක වගුවෙන් බලමු

O/L Maths


ලඝුගණකය ඕනම පාදයකටම සාපේක්ෂව කියන්න පුළුවන් වුණාට අපි ඉස්සරහට මේ ගැන කතා කරන්නෙ 10 පාදයෙන්

ලඝුගණක කියන්නෙ මොකක්ද 👈 Click

උදා :- 100 යෙ ලඝුගණකය කීයද කියල ඇහුවොත් උත්තරේ කියන්නෙ කොහොමද

100 හැදිල තියෙන්නෙ 10 (පාදය) දෙපාරක් වැඩි වෙලා

එතකොට මෙතන දර්ශකය පොඩියට උඩින් ලියල තියෙන 2. ලඝුගණකය වෙන්නෙත් ඒක

100 ලඝුගණකය අපිට 2 යි කියල කියන්න පුලුවන්

  මේකෙ උත්තරේ කීයද? උත්තරේ 3යි. ඒ කියන්නෙ 1000 ලඝුගණකය 3යි. ඒ මොකද 1000 හැදුණෙ 10 තුන්පාරක් වැඩි වෙලා..

එතකොට මේකෙ උත්තරේ කියන්න බලන්න

මේකෙ උත්තරේ වෙන්නෙ 1, ඒ කියන්නෙ ලඝුගණකය 1 යි.

මොකද    නිසා

ඕනම සංඛ්‍යාවක 0 වෙනි බලය 1යි, ඒ කියන්නෙ..

එතකොට එකේ ලඝුගණකය අපි 10 යේ පාදයෙන් කියන්නෙ 0 යි කියල

මේ පින්තූරය දිහා බැලුවම මොනාද කියන්න පුලුවන්. බලන්න වම් පැත්ත 1 ඉඳල 1000 ට වැඩි ‌ වෙද්දි දකුණු පැත්ත වැඩි වෙලා තියෙන්නෙ 0 ඉඳල 3 ට

කෙනෙක් වේගයෙන් ඉහළට යද්දි තව කෙනෙක් හිමීට ඉහළට යනව

හරි විදියට කියනවනං එක් රාශියක් වේගයෙන් වැඩි වෙද්දි තව රාශියක් හිමීට වැඩි වෙනව

රාශි දෙකක් අතර සම්බන්ධයකට අපි ශ්‍රිතයක් කියල කියනව

ඔබ දන්නවාද අපි ගුවන් විදුලි යන්ත්‍රයක හඩ වැඩි කරනවිට, කොපමණ සද්දෙ වැඩි කලත් ඒ මට්ටමට අපිට දැනෙන ශ්‍රවණය වැඩි වෙන්නෙ නැති බව, ඒක ලඝුගණක ශ්‍රිතයකට උදාහරණයක්

ලඝුගණකය අපිට කියන්න පුලුවන් 1ට 10ට 100ට 1000ට විතරක් නෙමේ

2ට 3ට 4ට වුණත් ලඝුගණකය කියන්න පුලුවන්

එකේ ලඝුගණකය 0 යි නම් සහ 10 යේ ලඝුගණකය 1 යි නම්

අපිට දැං තේරෙනව 1 ත් 10 ත් අතර තියෙන  2  3   4   5  6  7 වගේ සංඛ්‍යාවල ලඝුගණකය 0 ත් 1 ත් අතර දශම සංඛ්‍යාවක් වෙන්න පුලුවන් කියල

0 ත් 1 ත් අතර තියෙන සංඛ්‍යා මොනාද? 0 ත් 1 ත් අතර තියෙන දශම සංඛ්‍යා, නැත්තං අපි භාග සංඛ්‍යා කියල කියනව. පොඩි කාලෙ ඉගෙනගත්ත මතකද සංඛ්‍යා රේඛාව

ඒ නිසා අනිත් සංඛ්‍යාවල ලඝුගණක හොයද්දි අපට දශම සංඛ්‍යා තමා ලැබෙන්නෙ.

උදාහරණයකට අපි දැං 2 කේ ලඝුගණකය හොයමු. මතකයිනෙ ලඝුගණකය කියල අපි හොයන්නෙ පාදය 10 වුණාම එන දර්ශකය. උඩින් ලියන පොඩි ඉලක්කම

ඉස්සෙල්ලම රතුපාට ඊතලෙන් පෙන්නල තියෙන්නෙ 2.0   ලඝුගණක වගුවෙ තියෙන්නෙ 20 කියල, අපි හිතාගන්න ඕනෙ මෙතන තියෙන්නෙ 20 නෙමේ 2.0 කියල

නිල්පාට ඊතලෙන් පෙන්නල තියෙන්නෙ 0

ඒ දෙක එකට 2.00 කියල ගන්නව. වගුවට අනුව අපි 2 ලඝුගණකය කියල බලන්නෙ 2.00

ඊතල දෙකට කෙලින් තියෙන්නෙ 3010 කියල. ඒ වුණාට ඇත්තටම මෙතන තියෙන්න 0.3010

මේ 0.3010 තමා 2 ලඝුගණකය, එහෙමත් නැත්තං දර්ශකය

දර්ශක ආකාරය 

ලඝුගණක ආකාරය 

මේ විදියට අපිට 2 3 4 වගේ පූර්ණ සංඛ්‍යාවල ලඝුගණක විතරක් නෙමේ දශම සංඛ්‍යාවල ලඝුගණක වුණත් බලා ගන්න පුලුවන්

2.1 බලන්නෙ මෙහෙම

2.1 සහ 0

2.1 කිව්වත් 2.10 කිව්වත් 2.100 කිව්වත් මේ ඔක්කොම එකයි. දශම වල අගට බින්දුවක් දැම්මට සංඛ්‍යාවෙ වෙනසක් වෙන්නෑ

හරියට පූර්ණ සංඛ්‍යාවක් ඉස්සරහට බින්දුවක් දැම්ම වගේ, සංඛ්‍යාවෙ වෙනසක් වෙන්නෙ නෑ

2 = 02 = 002

එතකොට අපි මේක ලියන්නෙ

2.11 බලන්නෙ මෙහෙම

2.1 සහ 1

එතකොට මේක ලියන්නෙ     කියල


⚠️ පෙළ පොතේ ලඝුගණක වගුවෙ දශම තිත පෙන්නල නෑ.දශම තිත පහළ වගුවෙ පෙන්නල තියෙන විදියට අපි හිතා ගන්න ඕනෙ.

මේ බලන්න අපි 1 ත් 10 ත් අතර සංඛ්‍යාවල ලඝුගණකය හොයපු හැටි.

දහයෙ බලයක් විදියට තියෙන දර්ශකයටම තමයි අපි ලඝුගණකය කියන්නෙ

10 යෙ 0.3010 වෙනි බලය 2යි

අනිත් පැත්තට කියනවනං 2 ලඝුගණකය 0.3010 යි.

Comments

Popular posts from this blog

පොලිය ගණනය කරමු

සමානුපාත

තාත්වික සංඛ්‍යා