Posts

සමානුපාත

Image
සමානුපාත කිව්වම වර්ග දෙකක් තියෙනව 1. අනුලෝම සමානුපාත -  Directly proportional 2. ප්‍රතිලෝම සමානුපාත -  Inversely Proportional අනුලෝම සමානුපාත යම් කිසි රාශි දෙකක් ගත්තම එක් රාශියක් වැඩි වෙද්දි අනිත් රාශියත් එම අනුපාතයෙන්ම වැඩි වෙනවනං, රාශි දෙක අනුලෝම ලෙස සමානුපාතික වෙනව කියල අපි කියනව ඒ වගේම තමා එක් රාශියක් අඩු‌ වෙදිදි අනිත් රශියත් එම අනුපාතයෙන්ම අඩු වෙනවනං එතකොටත් අපි රාශි දෙක අනුලෝමව සමානුපාතික වෙනව කියල කියනව ඒ කියන්නෙ රාශි දෙකම යන්නෙ එකම පැත්තට. එකක් වැඩිවෙද්දි අනිකත් වැඩි වෙනව, එකක් අඩු වෙද්දි අනිකත් අඩු වෙනව. උදාහරණයක් ගමු. පෑන් ගණන සහ මිල පෑන් ගණන කියන්නෙ එක් රාශියක්, මිල කියන්නෙ අනිත් රාශිය පෑන් 1 ක මිල රුපියල් 10 යි, එතකොට අනුපාතය 1 : 10 යි පෑන් 2 ක මිල රුපියල් 20 යි, අනුපාතය 2 : 20 යි  අපි අනුපාතයක් මෙහෙම ලියන්නෙ නෑ. පුළුවන් තරං සරල කරල ලියන්නෙ 2 : 20 ==> 1 : 10 යි කියල අපිට ලියන්න පුලුවන් පෑන් තුනක මිල 30 යි එතනදිත් අනුපාතය 1 : 10 යි කොයි අවස්ථාව ගත්තත් මේ රාශි දෙක අතර තියෙන්නෙ එකම අනුපාතයක්. එක් රාශියක් වැඩි වෙද්දි අනිත් රාශියත් වැඩි වෙලා

භාග සංඛ්‍යා

Image
මෙතන තියෙන කොටු ගාණ ගණන් කරමු.  කොටු තියෙනව 5 ක් දැං මෙතනින් එක කොටුවක් අරගෙන  මේ කීයද කියල ඇහුවොත් අපි කියන්නෙ බාගයක් කියල. සංඛ්‍යාත්මකව ලියන්නෙ   විදියට, කියවන්නෙ දෙකෙන් එක කියල සම්පූර්ණ එකක් සමාන කොටස් 2 කට බෙදල ‌ එක කොටසක්  පහළ තියෙන්නෙ සම්පූර්ණ එකක් කොටස් 4 කට බෙදල කොටස් කීයක්ද කියන එක ඉතිං අපේ වැඩ වලට පූර්ණ සංඛ්‍යා විතරක් තිබිල මදි. භාගත් ඕන වෙනව මීට අමතරව යම් ප්‍රමාණයකින් කොච්චරක්ද කියන්නත් අපිට භාග ඕන වෙනව මල්ලක බෝල 12 ක් තියෙනව. මල්ලෙන් බෝල පහක් ගන්නව. එතකොට අපි     යි කියල කියනව බෝල තුනක් නම්     යි කියල කියනව ලවය හරය හඳුනගමු පොඩි ඉරිකෑල්ලෙන් උඩ තියෙන ඉලක්කමට අපි ලවය කියනව. යට තියෙන ඉලක්කමට හරය කියනව හරයෙන් කියවෙන්නෙ මුළු කොටස් ගණන, නැත්තං මුළු ගණන ලවයෙන් කියවෙන්නෙ මුළු කොටස් ගණනින් කොච්චර කොටස් ගණනක්ද කියන එක, නැත්තං මුළු ගණනින් කීයක්ද කියල බාගයෙන් බාගයක් කීයද?  න් ක් කීයද කියල ඇහුවොත් මොකක්ද උත්තරේ? පාන් බාගයෙන් බාගයක් කාලක් කියල ඔයාල දන්නව ඒ කියන්නෙ බාගයක් අරන් ආයෙ දෙකට බෙදුවම මුළු සම්පූර්ණ එකෙන් කාලක් වෙනව බාගයෙන්  ක් කියන්නෙ කීයද කියල ඇහු

තාත්වික සංඛ්‍යා

Image
ඕනම සංඛ්‍යාවක් අපිට කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුලුවන්.. තාත්වික සංඛ්‍යා - අපි O/L වලදි ඉගෙන ගන්නව අතාත්වික සංඛ්‍යා - A/L Maths වලදි අපිට ඉගෙන ගන්න පුලුවන් තාත්වික සංඛ්‍යා ඉංග්‍රීසියෙන් අපි Real numbers කියල හඳුන්වනව එතකොට අතාත්වික සංඛ්‍යාවලට අපි Imaginary Numbers කියනව. කොහොමහරි අපි දැන් ඉගෙන ගන්න යන්නෙ O/L වලට තියෙන තාත්වික සංඛ්‍යා ගැන තාත්වික සංඛ්‍යා කොටස් දෙකකට ආයෙ බෙදෙනව පරිමේය සංඛ්‍යා - Rational Numbers අපරිමේය සංඛ්‍යා - Irrational Numbers. පරිමේය සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කියන්නෙ භාග විදියට ලියන්න පුලුවන් සංඛ්‍යාවලට උදා :-  හරියටම කියනවනං ලවයේ සහ හරයේ නිඛිල සහිත භාගවලට අපි පරිමේය සංඛ්‍යා කියල කියනව, නිඛිල කියන්නෙ පූර්ණ සංඛ්‍යා වලට. ලවය කියන්නෙ ඉරෙන් උඩ ඉලක්කමට, හරය කියන්නෙ ඉරෙන් යට ඉලක්කමට හැබැයි කොන්දේසියක් තියෙනව. හරයට 0 ගන්න බෑ අපි ‌පොඩි කාලෙ ඉදල ඉගෙන ගත්ත හැම සංඛ්‍යාවක්ම භාගයක් විදියට ලියන්න පුලුවන් 2 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුලුවන්     කියල, තව    කියල ලියන්නත් පුලුවන් 3 කියන සංඛ්‍යාව අපි