දශම සංඛ්‍යා
අපි ගණන් කරන්නෙ 1 2 3 4 5... කියල
ඇත්තටම අතීතයේ මිනිස්සු මුලින්ම පාවිච්චි කළේ ඔය සංඛ්‍යා ටික තමයි
ගණන් කරන්න භාවිතා කරපු නිසා අපි මේවට ගණින සංඛ්‍යා කියල කිව්ව, දැං අපි මේවට ප්‍රකෘති සංඛ්‍යා කියල කියනව
ඉංග්‍රීසියෙන් Natural Numbers කියනව
ඔයාලගෙන් ඇහුවොත් 1 ත් 2 ත් අතර තව සංඛ්‍යා තියෙනවද? 2 ත් 3 ත් අතර තව සංඛ්‍යා තියෙනවද කියල, උත්තරය ඔව්
මොනාද ඒ සංඛ්‍යා
ඒවට තමා අපි දශම සංඛ්‍යා කියන්නෙ, භාග සංඛ්‍යා කියලත් කියනව
අපි මෙහෙම හිතමු
1 ත් 2 ත් අතර යම් පරතරයක් තියෙනව, අපි ඒ පරතරය සමාන කොටස්වලට බෙදනව
අපිට බෙදන්න පුලුවන් සමාන කොටස් 10 කට
නැත්තං සමාන කොටස් 100 කට
නැත්තං සමාන කොටස් 1000 කට, ඉවරයක් කරන්න බෑ..
අපි ඉස්සෙල්ල ගමු 10 න් බෙදන අවස්ථාව
අපි ලියන්නෙ
0.1
යි කියල
අපි ලියන්නෙ
0.2
යි කියල
අපි ලියන්නෙ
0.3
යි කියල
අපි ලියන්නෙ
0.4
යි කියල
ඉතිං ඔය විදියට 0.5 0.6 0.7 0.8 0.9 කියල අපිට ලියන්න පුළුවන්
හැබැයි මෙතන අපි 1 න් පටන් අරන් තියෙන නිසා හරි විදියට අපි කියන්නෙ 1.1 යි කියල
ඒ මොකද 1 + 0.1 නිසා
ඒ කියන්නෙ පූර්ණ සංඛ්‍යාව වෙච්ච 1 ට 0.1 ක් එකතු වෙලා, 1 ට 10 න් පංඟුවක් එකතු වෙලා
දැං බලමු අපි 100න් පංඟු, තව එතකොට 1000න් පංඟු
ඔහොම අපිට දිගටම කුඩා කොටස් වලට බෙදන්න පුලුවන්, 1000 කොටස් වලින් ඉවර වෙන්නෙ නෑ. කෙලවරක් නැතුව දිගටම යනව
අපි ලිව්වෙ 0.1 යි කියල
අපි ලිව්වෙ 0.01 යි කියල
1000 න් පංගුව 0.001 කියල ලියනව
අපි මේ භාවිතා කරන සංඛ්‍යා අයිති වෙන්නෙ හින්දු අරාබි සංඛ්‍යා පද්ධතියට
හින්දු අරාබි සංඛ්‍යා කියන්නෙ ස්ථානීය අගය මත පදනම් වෙච්ච සංඛ්‍යා පද්ධතියකට
අපි ගමු සංඛ්‍යාවක් 1352 කියල
3 ට වඩා 1 කුඩයි. නමුත් 1 තියෙන්නෙ 3 ට ඉස්සරහින්
ඒ හින්ද 3 ට වඩා 1 ට වැඩි බලයක් හිමිවෙනව
3 න් හැඟවෙන්නෙ 300
1 න් හැඟවෙන්නෙ 1000
ඒක වෙන්නෙ මෙහෙමයි

එතකොට දශම, ඒක වෙන්නෙ මෙහෙමයි

අපි දශම සංඛ්‍යා කියවන්නෙ තිස් දෙකයි දශම දෙකයි පහයි හයයි කියල නැතුව කෙලින්ම දශම දෙසිය පනස් හයයි කියන්නෙ නෑ
මෙතනදි දහයෙන් පංගු, සීයෙන් පංගු, දාහෙන් පංගු කියල තිබුණට අපිට ඕනෙනං ඉලක්කම් තුනම අරන් එක පාර දාහෙන් 256 යි කියල කියන්නත් පුලුවන්

මෙතනදිත් කෙලින්ම සීයෙන් පංඟු 25 යි කියල කියන්නත් පුලුවන්
ඒ මොකද දහයෙන් පංඟු දෙකක් කියන්නෙ සීයෙන් පංඟු 20 ක්
පහළ පින්තූරෙ බලන්න, දකුණු පැත්තට යනකොට ඉලක්කම් වල ස්ථානීය අගය 10 යෙ ගුණාකාරයකින් අඩු වෙලා.

1352.256 දහයෙන් බෙදන්න කිව්ව කියමු. එතකොට අපිට පුළුවන් දශම තිත වම් පැත්තට එක ඉලක්කමක් පන්නල ලියන්න

වැඩි කරනකොට දශම තිත දකුණු පැත්තට එක ඉලක්කමක් පන්නල ලියන්න

ඇත්තටම අපිට දශම සංඛ්‍යා ඕන වෙන්නෙ ගණන් කරන්න නෙමේ
දිගක් මනින්න, බරක් කිරන්න ගියාම තමා අපිට දශම ඕන වෙන්නෙ
දිග බර වගේ රාශිවලට අපි සන්තතික අගයන් කියල කියනව
මේවයෙ අගය 1 2 3 ... වගේ නිශ්චිත පූර්ණ සංඛ්‍යාවලින් විතරක් කියල ඉවර කරන්න බෑ
අපිට කියන්න වෙනව එකයි බාගෙ කියල, නැත්තං එකයි කාල කියල, නැත්තං අපි ඉගෙනගත්ත වගේ එකයි + දහයෙන් පංඟුවයි කියල
සන්තතික අගයන් වල විරුද්ධ පදය විවික්ත අගයන්
විවික්ත අගයන් කියන්නෙ නිශ්චිත පූර්ණ සංඛ්‍යා වලට, නැත්තං ගණින සංඛ්‍යා වලට
උදා :- පොත් ගණන, ගෙවල් ගණන, ළමයි ගණන
අපි කවදාවත් ළමයි එකයි බාගෙ කියන්නෙ නෑනෙ.
Comments
Post a Comment